එංගලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැවීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

මෙය එංගලන්තයට එරෙහිව ඕනෑම තරග රටාවකින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසයේ ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණය ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

දෙරට අතර පැවැති 03වැනි විස්සයි 20 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 116ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 117ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

WhatsApp Group

Skip to content