සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 161ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එක් ඉනිමන් පන්දුවාර 31ට සීමා කිරීම තරග විනිසුරුවන් තීරණය කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 31 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 273ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 24යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 112ක් පමණයි.

WhatsApp Group

Skip to content