සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සදහා වන තරගය අද පැවැත්වෙනවා.

පළමු දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 25ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 152ක් රැස් කරගෙන සිටියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි.

ඒ අනුව මේ වන විට එංගලන්ත කණ්ඩායම අයර්ලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 20ක් පිටුපසින් පසුවනවා.

WhatsApp Group

Skip to content