සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ ආරම්භ වුණා.

මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 22 ක්.

බෙන් ඩකට් නොදැවී ලකුණු 13 ක් හා ඩෑන් ලෝරන්ස් නොදැවී ලකුණු 9 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 236 ක්.

නායක ධනංජය ද සිල්වා සිය 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 74 ක් ලබා ගත්තා.

ධනංජය ද සිල්වා සහ මිලාන් රත්නායක අතර 8 වැනි කඩුල්ල වෙනුවෙන් පිහිට වූ සබදතාවය ලකුණු 63 ක් .

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මිලාන් ලකුණු 72 ක් ලබා ගත්තා.

මිලාන් හා විශ්ව ප්‍රනාන්දු අතර 9 වැනි කඩුල්ලට ද ලකුණු 50 ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් හා ශොයිබ් බෂීර් කඩුලු 3 බැගින් දවා ගත්තා.

එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 214 ක්.

WhatsApp Group

Skip to content