සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තුන්වන හා අවසන් එක්දින තරගය ලකුණු 50න් ජය ගැනීමට බංග්ලාදේශය ඊයේ සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 246ක් රැස් කළා.

ඒ අනුව ජයග්‍රාහී ලකුණු 247ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 43යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 196ක් පමණයි.

කෙසේ වෙතත් දෙරට අතර පැවති පළමු තරග දෙකම ජයගත් එංගලන්ත කණ්ඩායම තරග දෙකට එකක් ලෙස තරගාවලිය ජය ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content