මැදගම, ඌරුමුත්තාව ප්‍රදේශයේදී පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට වෙඩි තබා තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මැදගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය සදහන් කළේ.

තුවාල ලැබූ පුද්ගලයා 37 හැවිරිදි රුවල්වෙල, තඹාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයාට වෙඩි තැබූ පුද්ගලයා වයස අවුරුදු 65ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඔහුගේ ඉඩමට තුවාලකරුගේ ගවයකු ඇතුළු වීම හේතුවෙන් බවයි සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා වෙඩි තැබීමට භාවිතා කළ ගිනි අවියද සමග දඹගල්ල පොලීසියට භාරවී ඇති අතර, ඔහු අද බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content