උසස් පෙළ විෂයන් කිහිපයකට අදාළව ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව සදහන්.

ඒ අනුව උසස් පෙළ ගණිතය සහ විද්‍යාව විෂයධාරා සදහා විදේශිය භාෂා විෂයන් මෙන්ම තාක්ෂණික විෂය ධාරාව සදහා මෙම ගුරුවරුන් බඳවා ගැනෙනු ඇති.

පළාත් මට්ටමින් මේ යටතේ 5450 දෙනෙකු බඳවා ගැනීමට නියමිතයි.

වයස අවුරුදු 35 ට අඩු ගුරු ව්‍යවස්ථාවට අනුව සුදුසුකම් සපුරා ඇති උපාධිධාරින්ට මේ සදහා ඉදිරිපත් විය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

එම අමාත්‍යාංශය පැවසුවේ විභාගය සදහා අයදුම්පත් කැඳවීම ඉදිරි සති කිහිපයේදී සිදු කෙරෙන බවයි.

WhatsApp Group

Skip to content