අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ පවතින වැසි සහ ගංවතුර තතත්වය මත කැකිරාව රේවත විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය සංශෝධනය කිරීමට පියවර ගත් බවයි.

මෙවර උසස් පෙළ විභාගය සදහා ප්‍රථම වරට කොරියානු භාෂාව විෂයක් ලෙසද හඳුන්වා දී තිබීම විශේෂත්වයක්.

විභාග දෙපාර්තමේන්තව සදහන් කළේ අයදුම්පත් නොලැබී ඇති අපෙක්ෂ්කන්හට විභාග දෙපාර්තමේනතුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම්පත් භාගත කර ගත හැකි බවයි.

මෙවර අපොස උසස් පෙළ විභාගය සදහා අපේක්ෂකයින් තුන් ලක්ෂ හතලිස් හය දහස් නවසිය හැත්තැ හයක් පෙනී සිටීමට නියමිතයි.
ඒ, දිවයින පුරා ඇති විභාග මධ්‍යස්ථාන 2258දියි.

WhatsApp Group

Skip to content