අ.පො.ස. උසස් පෙළ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් 2024 සහ 2025 සඳහා පිරිනැමෙන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීම ජුනි මස 07 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල ඒකාබද්ධව සිදු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම ශිෂ්‍යත්වය සඳහා අයදුම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයද, පන්තිභාර ගුරුවරයාගේ, පාසලේ විදුහල්පතිගේ හා කලාප අධ්‍යක්ෂකගේ නිර්දේශය ලබා ගත යුතු වනවා.
අනතුරුව එම අයදුම්පත් ලබන 07 වැනිදාට පෙර ලේකම්, ජනාධිපති අරමුදල, අංක 35, තුන්වන මහල, ලේක්හවුස් ගොඩනැගිල්ල, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් පමණක් යොමු කළ යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

 

WhatsApp Group

Skip to content