2023 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා මුල්‍යාධාර ලබා දීම සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබෙනවා.

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මගිනුයි මෙම මුල්‍යාධාර ලබාදීම සිදු කරනු ලබන්නේ.

ඒ අනුව උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීම සඳහා අදාළ අරමුදල් හිමි වනු ඇති.

එහිදී තෝරාගන්නා සිසුන් සඳහා රුපියල් 25,000 ක උපරිම මුදලකට යටත්ව මෙම මුල්‍යාධාර ලබා දීමට නියමිතයි.

මේ සඳහා අදාළ අයදුම්පත හා විස්තර සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

WhatsApp Group

Skip to content