විභාග දෙපාර්තමේන්තුව අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබඳව විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

2023 උසස් පෙළ විභාගය 2024 වසරේ ජනවාරි මස 4 වන දින ආරම්භ කර ජනවාරි මස 31 දක්වා පවත්වා ගෙන යාමට තීරණය කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව අදාළ නිවේදනයෙන් පවසා ඇත්තේ.

එමෙන්ම ප්‍රවේශපත්‍ර සහ කාල සටහන පාසල් අයදුම්කරුවන් සඳහා පාසල් ප්‍රධානීන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන් සඳහා පුද්ගලික ලිපිනයන් වෙතත් මේ වන විට තැපල්කර යවා ඇති බව සදහන්.

 

WhatsApp Group

Skip to content