2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා .

එහි මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා පැවසුවේ, මේ මස 21 වෙනි දා දක්වා මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි.

2022 උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව ඇමතිය හැකියි.

පෙරදිග සංගීතය හා නර්තනය යන විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ජූලි මස 06 වැනි දායින් අවසන් වුනා .

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා .

ඒ අනුව නොවැම්බර් මස 27 වනදා 2023 උසස්පෙළ විභාගය ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කළේ.

එමෙන්ම එම විභාගය දෙසැම්බර් මස 21 වනදා අවසන්වීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content