අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ ලබන 05 වනදා සිට සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ ජෛව පද්ධති තාක්ෂණ වේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන 05, 06 සහ 07 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 77කදීයි අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන්නේ.

ඊට අදාළ ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අයදුම්කරුවන් වෙත යොමු කර තිබෙනවා.

විභාග කොමසාරිස්වරයා පැවසුවේ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන්ට සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර තැපැල් මගින් ද ඔවුන්ට යොමු කර ඇති බවයි.

WhatsApp Group

Skip to content