උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහාය වීම සදහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින්.

ඉදිරිය්දී ඒ පිළිබදව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

මේ අතර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එළඹෙන ඔක්තෝම්බර් මස 15 වන දින පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද සිට ජූලි මස 06 වන දා දක්වා අයදුම්පත් කැඳවනු ලබන බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

WhatsApp Group

Skip to content