2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව නැවත සමීක්ෂණ සඳහා අද සිට අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා .

ඒ අනුව ලබන 16 වන දින දක්වා නැවත සමීක්ෂණ සඳහා අපේක්ෂකයින්ට අයදුම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියා .

විභාග දෙපාර්තමේන්තුවට අයත් අඅඅගාදැබැඑිගකන යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතිනවා .

මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නැවත පෙනී සිටීමට අපේක්ෂිත සිසුන්ට පමණක් අයදුම් කිරීම සඳහා මේ මස 11 වන දින සිට 16 වන දින දක්වා අවස්ථාව ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා .

WhatsApp Group

Skip to content