අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වන තෙක් අඛණ්ඩව විදුලිය ලබාදීමට හැකියාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය ලබා දීම සඳහා රුපියල් බිලියන 4.1ක මුදලක් වැයි වන බවයි වාර්තා වන්නේ.
මේ වන විට විදුලි බල මණ්ඩලය මුහුණ දී ඇති දැඩි මූල්‍ය අර්බුදය හමුවේ එවැනි පිරිවැයක් දරාගැනීමට හැකි තත්ත්වයක් නොමැති බවද සඳහන්.

කෙසේ වෙතත් යෝජිත විදුලි බිල සංශෝධනය සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දීම සිදු කළහොත් එම අවස්ථාවේ සිට ගැට`ඵවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබා දිය හැකි බවටයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.

කෙසේ වෙතත් ඊයේ දින මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මහජන උපයෝගිතා කොමිසම මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඇතු`ඵ ක්ෂේත්‍ර ගණනාවක පිරිස් සමඟ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදි තීරණය කෙරුණේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේදී අඛණ්ඩව විදුලිය ලබා දීමටයි.

ඒ අනුව යම් කොන්දේසි කිහිපයක් මත එළඹෙන පෙබරවාරි මස 17 වන දා දක්වා විදුලි කප්පාදුව අත්හිටුවීමටයි අදාළ බලධාරීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම ඉදිරියේ එකඟ වී ඇත්තේ.

WhatsApp Group

Skip to content