වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසනවා.

මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා සක්‍රීයව පවතින බව සදහන්.

අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර මහතා පවසා සිටියේ, මෙම උල්කාපාත වර්ෂාව වීණාව කියන තාරකා රාශිය ආශ්‍රිතව දැකගත හැකි නිසාවෙන් ලයිරිඩ්ස් යනුවෙන් හඳුන්වන බවයි.

WhatsApp Group

Skip to content