උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයට දිනකට රුපියල් මිලියන 80 ක පමණ ඉතිරියක් සිදු වන බව වාර්තාවනවා.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ සුදර්ම ඇලකන්ද මහතා සඳහන් කලේ වෙනත් ප්‍රභයන් මගින් විදුලිය නිෂ්පාදනයට වඩා මෙමගින් විදුලිය නිෂ්පාදනය ලාභදායි බවයි.

මේ වනවිට උමා ඔය ව්‍යාපෘතිය මගින් විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන එක්දාස් පන්සියයක පමණ ඉතිරියක් සිදුව ඇති බව සඳහන්.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය 2008 වසරේ අප්‍රේල් 21 වෙනිදා ආරම්භ කෙරුණු අතර පදුගිය 24වනදා එය ජනතා අයිතියට පත් කෙරුනා.

WhatsApp Group

Skip to content