උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රමාද කිරීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 200 ක පාඩුවක් සිදුව තිබෙනවා.

 

අදාළ ව්‍යාපෘතියට 2008 වසරේදී කැබිනට් අනුමැතිය හිමිව තිබු අතර ඊට 2010 වසරේදී සැලසුම් කළ වියදම ඩොලර් මිලියන 529 ක්.

 

මෙම ව්‍යාපෘතියේ වැඩ 2015 වසරේදී අවසන් කිරීමට නියමිතව තිබුණා.

 

කෙසේ වෙතත් මේ වන විට එම ව්‍යාපෘතියේ වැඩ අවසන් කර ඇති අතර උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මෙම මාසය තුළ ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content