උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යපෘතිය යටතේ ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120 ක දායකත්වයක් මෙම මස අවසන් වන විට එක් කිරීමට නියමිත බව සඳහන් වනවා.

මෙම ව්‍යපෘතිය අප්‍රේල් මස අවසන් වන විට විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව වාරිමාර්ග, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

පසුගියදා එම අමාත්‍යාංශයේ පැවති මෙම ව්‍යපෘතිය පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා.

WhatsApp Group

Skip to content