උමා ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමයේ ඉදිකිරීමේ සහ ඉංජිනේරු සහය සපයන ලැබූ ෆරාබ් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා, අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් සහ ඉරාන බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේක මහතා සමඟ සාකච්ඡාවක් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

හෙට දින සිට උමා ඔය ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික විදුලිබල පද්ධතියට එක්වන අතර එමගින් විදුලිබල උත්පාදන වියදම තවදුරටත් අවම කරගැනීමට හැකියාව ලැබේ. මෙම බහුකාර්යය යෝජනා ක්‍රමය විදුලිබල උත්පාදනයට අමතරව දිස්ත්‍රික් තුනක ජනතාවට අවශ්‍ය පානීය ජලය, කෘෂිකර්මාන්තයට සහ වාර්මාර්ග පහසුකම් වලට අවශ්‍ය පහසුකම් සලසන ව්‍යාපෘතියකි.

විවිධ දේශපාලනික බලපෑම් සහ විරෝධතා හේතුවෙන් 2015 වසරේ දෙසැම්බර් මාසයේ වැඩ අවසන් වීමට නියමතව තිබූ මෙම ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීමේ කටයුතු ප්‍රමාද වු අතර එමගින් විදුලිබල මණ්ඩලයට සිදුවූ පාඩුව වසරකට රුපියල් බිලියන 9.8කි.

පැවති සාකච්ඡාවේදී මෙම ව්‍යාපෘතියේ කටයුතු සාර්ථක කරගැනීමට ෆරාබ් සමාගම දැක්වූ දායකත්වයට  ස්තුතිය පලකල අතර ඉදිරියේදී සිදු කල හැකි සුදුසු ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය.

WhatsApp Group

Skip to content