උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතියේ අනු ව්යාපෘතියක් වශයෙන් ‘උමා ඔයෙන් පැල්වත්තට’ යන ව්යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා (01) වාරිමාර්ග රාජ්ය අමාත්ය ශෂින්ද්ර රාජපක්ෂ මහතාගේ සහ ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණ.
දෙපාර්ශ්වය නියෝජනය කරමින් පැල්වත්ත සීනි සමාගම වෙනුවෙන් එහි සභාපති විශ්රාමික ජෙනරාල් සාරද සමරකෝන් මහතා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂක ජනරාල් අජිත් ගුණසේකර මහතා ගිවිසුම සඳහා අත්සන් තැබීය.
ශ්රී ලංකාවේ ගිනිකොණදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීමට උමා ඔය ද්රෝණියේ පවතින වාර්ෂික සාමාන්ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්රෝණියට හැරවීම සඳහා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය ජනතා අයිතියට පත් විය.
පැල්වත්ත සීනි සමාගමට අයත් උක් වගා කරන ගොවි පවුල් සඳහා ඉඩම් අක්කර 5000ක් වගා කිරීමට අවශ්ය ජලය සැපයීම මෙම ව්යාපෘතියේ අරමුණයි.
ඒ සඳහා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතියේ සිට ඇල මාර්ගයක් හරහා එම ගොවි ප්රජාවට ජලය සැපයීමට කටයුතු කෙරෙනු ඇත.
මොණරාගල, සෙවණගල හා ඒ අවට ප්රදේශවල උක් ගොවීන්ගේ ජන ජීවිත වඩාත් සෞභාග්යමත් කිරීම සඳහා වන තවත් එක් යෝධ පිම්මක් ලෙසින් මෙම ව්යාපෘතිය හැඳින්විය හැක.

WhatsApp Group

Skip to content