උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය එළඹෙන අප්‍රේල් 24 දින ජනතා අයිතියට පත්කිරීම සඳහා සියළු කටයුතු සූදානම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියේ උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ සංචාරයක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය එළඹෙන අප්‍රේල් 24 දින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉරාන ජනාධිපති ඉබ්‍රහීම් රයිසි මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට සියලු සැලසුම් සකස් කර තිබෙන බව සඳහන් කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මාය මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර, එහි ප්‍රතිලාභ ජනතාවටත් රටටත් අත්කර දීමට හැකිවීම ජයග්‍රහණයක් බව ද කියා සිටියාය.

අමාත්‍යවරිය මුලින් ම ගමන් ගත්තේ ඩයරබා ජලාශයට වන අතර ඉන් අනතුරුව පුහුල්පොල ජලාශයේ නිරීක්ෂණය කළා ය.
අනතුරුව ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ පිහිටි උමාඔය ජල විදුලි බලාගාරය වෙත පැමිණි අමාත්‍යවරිය එහි ජනන කටයුතු නිරීක්ෂණය කළා ය.

මෙගාවොට් 120 ක විදුලිය ධාරිතාවක් නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමත්, මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 15000 කට යල මහ දෙකන්නයේ ම ජලය සැපයීමට හැකිවීමත්, තුළින් එම ප්‍රදේශවල ජනතාව ගේ ජීවනෝපාය සංවර්ධනයට විශාල පිටිවහලක් ලැබෙන බව ද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

WhatsApp Group

Skip to content