ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120 ක ධාරිතාවක් එක්කෙරෙන උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය අප්‍රේල් මස අගභාගයේ දී විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන් බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා වාරිමාර්ග අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

උමාඔය බහුකාර්‍ය ව්‍යාපෘතිය 2011 වසරේ ආරම්භ කරනු ලැබූ අතර, ඒ සඳහා ඇස්තමේන්තු කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 513 කි.

WhatsApp Group

Skip to content