රැකියා විරහිත උපාධිධාරීන් කඩිනමින් රැකියාවලට බඳවා ගන්නා ලෙස ආණ්ඩුවට බල කිරීම සඳහා අද දිනයේදී කොළඹට රැස් වන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසනවා.

2020 ජනවාරි පළමු වැනිදා සිට රජයේ විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගත් 35,000කට අධික පිරිසක් රැකියා විරහිතව සිටින බවයි එම සංගමය සඳහන් කළේ.

මෙම පිරිස පවතින පුරප්පාඩු සඳහා බඳවා ගන්න ලෙස බලධාන් සමග සිදු කළ සාකච්ඡා අසාර්තක වී ඇති අතර, ඒ අනුව මෙලෙස අද දිනයේ කොළඹට රැස්වන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content