බස්නාහිර පළාතේ පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් 2500 කට පත්වීම් ලබාදීම අද දිනයේ සිදු කිරීමට නියමිතයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ පැවති ගුරු විභාගයේ ප්‍රතිඵල මත එම පිරිස බඳවා ගන්නා බවයි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා සඳහන් කළේ.

ඒ අනුව ප්‍රාථමික, කලා, වාණිජ, විද්‍යා හා ගණිතය විශය ධාරා මෙන්ම සාමාන්‍ය පෙළ විෂය ඉගැන්වීම සඳහා ද මෙහිදි ගුරුවරුන් බඳවා ගන්නා බව ඒ මහතා සඳහන් කලා.

විභාග ප්‍රතිඵල නිකුත් කළ ද ඒ සම්බන්ධයෙන් නඩුවක් පැවරීම හේතුවෙන් මෙලෙස බඳවා ගැනීම් ප්‍රමාද වූ බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේවෙතත් බස්නාහිර පළාත තුල තවත් ගුරු පුරප්පාඩු 2000කට අධික සංඛ්‍යාවක් පවතින බවයි වාර්තාවන්නේ.

WhatsApp Group

Skip to content