රුපියල මත පදනම් වූ ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාතිකය සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා රුපියල මත පදනම් වූ ණය සඳහා පොලී අනුපාතිකය වෙනස් වනු ඇති.

සියළුම වාණිජ බැංකු මේ අනුව ණය සේවා කිහිපයක පොලී අනුපාතික අවම අනුපාතික දක්වා හෝ පහළ දැමිය යුතු බව මහ බැංකුව නිකුත් කළ නියෝගයේ සඳහන්.

උකස් මත ලබා දෙන ණය සදහා සියයට 18 වාර්ෂික පොලි අනුපාතිකය දක්වා පහළ දැමිය යුතු බවයි අදාළ නියෝගයේ දැක්වෙන්නේ.

බැංකු අයිරා සදහා අයකරන වාර්ෂික පොලි අනුපාතිකය ඒ අනුව සියයට 23ක් දක්වා පහළ දැමිය යුතු වනවා.

එමෙන්ම ණයකාඩ් පත් මගින් මුදල් අත්තිකාරම් ලබා ගැනීමේදී අයකරන වාර්ෂික පොලි අනුපාතිකය සියයට 28ක් දක්වා පහළ දැමිය යුතු බව ද මහ බැංකුව මගින් නියෝග කර තිබෙනවා.

WhatsApp Group

Skip to content