දික්කසාද නඩු සම්බන්ධ සියලු තොරතුරු ලබාදෙන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිසුරුවරුන්ට දැනුම් දී තිබෙනවා.

ඒ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අධිකරණ අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මේ වනවිට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි උපත්, මරණ හා විවාහ සම්බන්ධ තොරතුරු වාර්ෂිකව දිස්ත්‍රික් මට්ටමින් නිකුත් කිරීම සිදුකරනු ලබනවා.

එම තොරතුරු පදනම් කරගනිමින් රට තුළ අත්‍යාවශ්‍ය දර්ශක ගණනාවක් ඇස්තමේන්තුගත කිරීම සිදු කරනු ලබන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා පවසනේ.

ඒ අනුව මෙම වසරේ සිට දික්කසාද නඩු පිළිබඳව තොරතුරු ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරුන්ට දැනුම් දී තිබෙනවා.

 

 

WhatsApp Group

Skip to content