ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා යලි දිවයිනට පැමිණ තිබෙනවා.
අද දිනයේ පැවැත්වීමට නියමිත සරසවි සම්මාන උළෙලට සහභාගී වීම සඳහා ඔහු දිවයිනට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.

උද්දික ප්‍රේමරත්න මහතා මීට සති කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී කැනඩාව බලා පිටව ගිය අතර එය මහත් ආන්දෝලනයට ලක්වූ කරුණක්.

උද්දික ප්‍රේමරත්න මහතා කැනඩාවේ දේශපාලන සරණාගතභාවය සඳහා ඉල්ලීම් කර ඇතැයි ඒ දිනවල පළවූ ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වුවද ඔහු විසින් එය තරයේ ප්‍රතික්ෂේප කර තිබුණා.

 

WhatsApp Group

Skip to content