ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ පොලිස් ප්‍රධානියකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසනවා.

මන්ත්‍රීවරයා සහකාර පොලිස් අධිකාරීවරයකු සමග එක්ව සැලසුම් සහගතව එම වෙඩි ප්‍රහාරය කර ඇති බවද ඔහු සඳහන් කළා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ පැති වීදුරුවට අලාභ හානි සිදු වූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදු වූයේ නැහැ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබුවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ.

WhatsApp Group

Skip to content