විශ්‍රාමික යුද්ධ හමුදා සෙබෙලෙකු විසින් එල්ල කළ උදලු  පහරින් විශ්‍රාමික සිවිල් ආරක්ෂක භටයෙකු මියාගොස් ඇති බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි මහකටුවරගාල වැව තිත්තගෝනෑව ලිපිනයේ පදිංචි විශ්‍රාමික සිවිල් ආරක්ෂක භඨයෙක්.

දීර්ග කාලයක සිට පැවැති පුද්ගලික කෝන්තරයක් මුල් කර ගනිමින් මෙම ගැටුම  තිත්තගෝනෑව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික වී මෝලක් තුලදී සිදුව තිබෙනවා.

මෙම දෙදෙනාම එදින සවස වී කෙටීම සඳහා මෙම පුද්ගලික ව්‍යාපාරිකයාගේ වී මොල වෙත පැමිණ තිබුණා.

අනතුරුව එහිදී එම දෙදෙනා අතර ඇති වූ බහෙන් බස් වීමක් මුල් කර ගනිමින් විශ්‍රාමික යුද්ධ හමුදා සෙබෙලෙකු තිත්තගෝනෑව ලිපිනයේ පදිංචි 46 හැවිරිදි සැකකරු විසින් විශ්‍රාමික සිවිල් ආරක්ෂක භටයාගේ හිසට උදලු බදු පහරක් එල්ල කර තිබෙනවා.

එම පහරින් දැඩි ලෙස තුවාල වූ විශ්‍රාමික සිවිල් ආරක්ෂක භඨයා තම දිවි ගලවා ගැනීමේ අරමුණින් වී මෝල ඇතුලුට දිවගොස් ඇති අතර ඒ තුලටද මෙම හමුදා සෙබලා පැමිණ අමාණුෂික ලෙස පහර දී ඇති බවටයි වාර්තා වන්නේ. 

අනතුරුව ප්‍රදේශවාසීන්ගේ උදවු උපකාර මත බරපතල තුවාල ලබා සිටි විශ්‍රාමික සිවිල් ආරක්ෂක භඨයා කැබිතිගොල්ලෑව රෝහල වෙත ඇතුලත් කර තිබුණා.

එහි මුලික ප්‍රථිකාර කරමින් අනතුරුව හිසට එල්ල කළ උදලු පහරින් සිදුවූ බරපතල තුවාලය හේතුවෙන් වැඩි දුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යැවු අතර අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු  ජීවිතක්ෂයට පත් වුණා.

සැකකරු ප්‍රදේශයෙන් මේ වන විට පලා ගොස් ඇති අතර කැබිතිගොල්ලෑව පොලිසිය සිදුවීම පිලිබද වැඩිදුර විමර්ෂණ කටයුතු සිදු කරනවා.

WhatsApp Group

Skip to content