පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් උතුරු පළාතේ පාසල් 16 ක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලිනොච්චිය ප්‍රදේශයේ පාසල් 8 ක්, වවුනියාවේ පාසල් 1 ක් සහ මුලතිව් පාසල් 7 ක් එලෙස තාවකාලිකව වසා දමා තිබෙනවා.

කෙසේ වෙතත් කාලගුණික තත්ත්වය යහපත් වූ පසු නැවත පාසල් ආරම්භ කිරීමට නියමිත බවයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සදහන් කළේ.

මේ අතර පවතින වැසි තත්ත්වය තාවකාලිකව අද සිට අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් ජයමාන්න මහතා පැවසුවා.

https://www.vnews.lk/storage/2023/12/AJITH-JAYAMANNA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content