ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදු වන බලපෑම් හා තර්ජන වහාම නතර කිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් උතුරේ ධීවර සංගම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත පෙත්සමක් යවා තිබෙනවා.

උතුරේ එක්සත් ධීවර සමිති එකමුතුව නියෝජනය කරමින් මෙම පෙත්සම එහි සභාපති ඒ. අන්නාරාසා විසින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත භාර දී ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට යැවීම සදහායි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුදුරේදීම ඉන්දියාවේ සංචාරයක් ඇරඹීමට නියමිත බැවින් එහිදි පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම ප්‍රශ්නය පිළිබදව සාකච්ඡා කොට අවසන් විසඳුමක් ලබා ගන්නා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් උතුරේ ධීවර සමිති එකමුතුව ඉල්ලා තිබෙනවා.

WhatsApp Group

Skip to content