උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සහ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ අතර විශේෂ සාකච්ඡාවක් හෙට කොළඹදී පැවැත්වීමට නියමිතයි.

ජනාධිපතිවරයා විසින් ලබා දෙන බවට පොරොන්දු වී ඇති 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කරුණු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන බව සදහන්.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පසුගිය දා නවදිල්ලියේ පැවති සාකච්ඡාවේදී ද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණා.

WhatsApp Group

Skip to content