උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් විසින් මහාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගයක් කඩ කර ඇති බව වාර්තා වෙනවා.
මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසලක විදුහල්පතිවරයකුගේ ස්ථාන මාරුවක් අත්හිටුවමින් .

මේ සම්බන්ධව අනුරාධපුර මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ පවසා සිටියේ මෙම අතුරු තහනම් නියෝගය කඩ කර ඇති බව තහවුරු වුව හොත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවයි.

WhatsApp Group

Skip to content