උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් අද වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 ත් 80ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්.

එමෙන්ම මුහුදු ප්‍රදේශ ඉතා රළු ස්භාවයක් ගත හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් උතුරු බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයට ගමන් කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

WhatsApp Group

Skip to content