උතුරු පළාත තුළ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු පළාත තුළ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පී. සත්‍යමූර්ති පැවසුවේ වර්ෂාවට පෙර මෙවැනි ඩෙංගු අවදානමක් උතුරු පළාත් තුළ දක්නට ලැබෙන්නේ නම් වර්ෂා කාලය ආරම්භ වීමත් සමගම ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව බෙහෙවින් ඉහළ යා හැකි බවයි.
මේ හේතුවෙන් උතුරු පළාතේ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ වසරේ පළමු මාස පහ තුළ ශ්‍රී ලංකාවෙන් හදුනාගත් ඩෙංගු රෝගීන් 45,612කින් 1,474ක්ම යාපනය දිස්ත්‍රිකකයෙන් හදුනා ගැනුනා.
ඊට අමතරව කිළිනොච්චියෙන් ඩෙංගු රෝගීන් 76ක්ද වවුනියාවෙන් 109ක්ද මන්නාරමෙන් 100 ක්ද මුලතිව් දිස්ත්‍රික්කයෙන් 79ක්ද ගත වූ මාස පහක කාලය ඇතුළත වාර්තා තිබෙනවා .