උතුරු පළාතේ සංවර්ධනය කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානයක් යොමුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා පවසනවා.

උතුරේ සංවර්ධනය වෙනුවෙන් මන්ත්‍රිවරුන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා මේ බව ප්‍රකාශ කළා.

පසුබෑමට ලක්ව තිබු රටේ ආර්ථිකය මේ වන විට ස්ථාවර වෙමින් පවතින බවයි කාදර් මස්තාන් මහතා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content