උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය  හා යාපනය නව ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි මහතා අතර විශේෂ සාකච්ජාවක් අද  යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුුුණා.

යාපනය ආරක්ෂක සේනා නව ආඥාපති ලෙස මේජර් ජෙනාල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි මහතා පසුගිය 12 වැනිදා වැඩ භාරගැනීමෙන් අනතුරුව ප්‍රදේශයේ පවතින ආරක්ෂක තත්වය හා සිවිල් සම්බන්ධීකරණ කටයුතු සම්බන්ධයෙන් එහිදි සාකච්ජා පැවැත්වුුුවා.

යාපනය දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද දෙපාර්ශවය එහිදි සාකච්ජා කළා.

සාකච්ජාවන් වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන නිළධාරීන් පිරිසක්ද එක්ව සිටියා.

WhatsApp Group

Skip to content