උතුරු පළාතේ වැසි තත්ත්වය තවදුරටත් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම එම ප්‍රදේශයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවද එහි සදහන්.

මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම පුත්තලම, මන්නාරම, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව ද සදහන්.

WhatsApp Group

Skip to content