මහව සහ අනුරාධපුරය අතර මාර්ග නවීකරණයෙන් පසු උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද ඇරඹුණා.

ඒ අනුව, මාස 10කට පසුවයි යාල් දේවී හා රජරට රැජින දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කෙරුණේ.

එමෙන්ම දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ මහතා සදහන් කළේ, ඒ අනුව කොළඹ – කොටුව සිට කන්කසන්තුරය දක්වා පළමු දුම්රිය අද අලුයම 5. 45 ට ගමන් ආරම්භ කළ බවයි.

WhatsApp Group

Skip to content