උතුරු කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා එක්වන ලෙසට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිංගප්පූරු ආයෝජකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ, සිංගප්පූරු ප්‍රධාන වරායේ මෙහෙයුම් සහ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවකට පසුගියදා එක්වෙමින්.

එහිදී සිංගප්පූරු වරායේ මෙහෙයුම් සහ සංවර්ධන කටයුතු සිදු කරනු ලබන ජාත්‍යන්තර පෞද්ගලික සමාගමේ ප්‍රධානීන් හමු වී අමාත්‍යවරයා සාකච්ඡාවක ද නිරත වී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content