උතුරු කොරියාව සිය පළමු මෙහෙයුම සදහා උපක්‍රමික න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය මුර සංචාරක බලඇණිය සඳහා පිටත්කර හැර තිබෙනවා.

හීරෝ කිම් කුන් ඕක් 841 ක ලෙස නම් කර ඇති මෙම සබ්මැරිනය කොරියානු අර්ධද්වීපයේ සහ ජපානය අතර මුහුදු තීරයේ මෙහෙයුම් කටයුතු සදහා යෙදවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙය දියත් කිරීමේ උත්සවයට සහභාගි වූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ග් උපායශීලි න්‍යශ්ටික යාත්‍රා සහ තවත් දිය යට සහ මතු පිට යාත්‍රා නාවික හමුදාවට ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.

එහිදි උතුරු කොරියානු නායකයා විසින් ප්‍රකාශ කර ඇත්තේ නාවික හමුදාව න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ කිරීම හදිසි කරුණක් සේ සලකන බවයි.

 

WhatsApp Group

Skip to content