උතුරු කොරියාව නැවත චන්ද්‍රිකාවක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ලබන 24ත් 31ත් අතර කාලය තුළ මෙම චන්ද්‍රිකාව දියත් කරන බවට උතුරු කොරියාව විසින් ජපානයේ වෙරළ ආරක්ෂක බලකායට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙහිදී උතුරු කොරියාව ආසන්නයේ ඇමරිකාව විසින් වර්ධනය කර ගනු ලබන යුධ සැලසුම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කර සමතුලිතතාවයක් ඇති කර ගැනීම සඳහා මෙම චන්ද්‍රිකාව නිපදවූ බව උතුරු කොරියාන සඳහන් කර තිබෙනවා.

මැයි මාසයේදී ද උතුරු කොරියාව විසින් චන්ද්‍රිකාවක් දියත් කළ අතර, එය අසාර්ථක වුණා.

WhatsApp Group

Skip to content