අමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් උතුරු කොරියාවේ ක්‍රියා කලාපයට විරෝධය පළ කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ, උතුරු කොරියාව සිදු කරන මිසයිල අත්හදා බැලීම් කලාපයේ සාමය සහ ස්ථාවරත්වයට තර්ජනයක් වන බවයි.

පසුගිය දා උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව විදෙස් වාර්තාවල සඳහන්.

උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් දියත් කෙරුණු එම මිසයිලය පැයකට වැඩි කාලයක් කිලෝ මීටර 1000 ක පමණ දුරක් ගමන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content