උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ දී මිනිස් සිරුරට දැනෙන දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් වැඩබිම්වල සිටිය දී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් මෙම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එසේම කුඩා ළමයින් වාහන තුළ තනිවම රඳවා යෑමෙන් වළකින ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මේ අතර දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 19කට අයත් පවුල් 81,203 ක පුද්ගලයින් දෙලක්ෂ 80,400 ක් පීඩාවට පත්ව සිටිනවා.

මේ ඒ සමබන්ධයෙන් අදහස් පල කල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා.

https://www.vnews.lk/storage/2023/08/MAHINDA-AMARAWEERA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content