දිවයිනේ ප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු පළාත තුළ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් , ගාල්ල සහ මාතර , මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සහ තාවකාලික තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content