එළැඹෙන උත්සව සමය සඳහා දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැලසුම් කර තිබෙනවා .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඒ සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් මේ වන විටත් විශේෂ චක්‍රලේඛ දෙකක් නිකුත් කර ඇති බවයි.

මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ද ආරක්ෂාව සඳහා යොදවා ඇති බව මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළා .

මේ අතර, එළැඹෙන උත්සව සමය සඳහා අද සිට විශේෂ බස් සහ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා .

නත්තල් උත්සවය, පාසල් නිවාඩුවත් සමඟ ගම්බිම් බලා පිටව යන ජනතාව වෙනුවෙන් එම විශේෂ බස් හා දුම්රිය සේවාව අද සිට ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

ඒ අනුව අද සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවධාරණය සිටියේ.

 

WhatsApp Group

Skip to content