එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත විශේෂ ප්‍රවාහන සේවාවන් අද සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

නත්තල් උත්සවය සහ පාසල් නිවාඩුවත් සමග ගම්බිම් බලා පිටව යන ජනතාව වෙනුවෙන් මෙම විශේෂ බස් සහ දුම්රිය සේවාවන් අද සිට ක්‍රියාත්මක වන බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

ඒ අනුව අද සිට දුර ගමන් සේවා සදහා අතිරේක බස්රථ 100 ක් යෙදවීමට නියමිත බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා සදහන් කළා.

එමෙන්ම උත්සවය සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව ද හෙට සිට ආරම්භ කෙරෙන බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/12/IDIPOLAGE-EDIT.mp3?_=1

කෙසේ වෙතත් දුම්රිය ඉංජිනේරුවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියේ මේ වන විට දෛනික ගමනාගමනය සදහා යොදවා ඇති දුම්රිය 400 න් 70 ක් පමණ මේ වන විට අත්හිටුවා ඇති බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින සේවා හිඟය හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවටයි එම සංගමය පවසන්නේ.

 

https://www.vnews.lk/storage/2023/12/DUMRIYA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content