උත්සව සමය තුළ පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා හෙට සිට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේ ජනවාරි 15 වන දින දක්වා එම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ සම්බන්ධ පැමිණිලි පාරිභෝගික කටයුතු අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු දෙන ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

උත්සව සමයේදී පාරිභෝගිකයන් වැඩි වශයෙන් මිලදීගන්නා ඇදුම් පැලදුම්, කල්පවත්නා භාණ්ඩ, විදුලි උපකරණ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ අළෙවි කරන වෙළඳසැල් පිළිබදව වැඩි අවධානයක් යොමු කරන බවත් එම අධිකාරිය පැවසුවා .

ජංගම වෙළදුන් විශේෂ අධීක්ෂණයකට ලක්කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරි සදහන් කළා.

WhatsApp Group

Skip to content